කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති නිලන්ත මහතා අද
උදෑසන ගාලු මුවදොර පිටියේදී ශාරීරික වයායාම කරමින් සිටියදී හදිසියේ මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටී.
ඔහු දෙදරු පියෙකු බවද ඔහු සාමාන්‍යයෙන් උදෑසන ගාලුමුවදොර ව්‍යායාම කිරීම පුරුද්දක් ලෙස කරන බවද කියා සිටි අජිත් රෝහණ මහතා මියගිය නිලධාරියා ගාලුමුවදොරදී ඇතිවූ අසනීප තත්වයෙන් රෝහල්ගතකරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව කියා සිටියේය.
ඔහු කාලයක සිට හෘද රෝගයකට ප්‍රතිකාර ලැබූ බව වාර්තාවන බවද ඔහු කියා සිටි අතර මරණයට හේතුව තවම නිශ්චය කර නැති බවද ඔහු කීය.
අදාල හඩ පටය පහතින්