රාගම පොලිස් ස්ථානාධිපතිවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව 5 දා රාත්‍රියේ ලැබුණු පි.සි.ආර්. පරීක්ෂණයෙන් තහවුරු විණි යෑයි සෞඛ්‍ය අංශ පවසයි. හිසේ අමාරුවක් සෑදීම නිසා උතුරු කොළඹ රාගම
ශික්‍ෂණ රෝහලට ගිය අවස්ථාවේ ඔහු ජී.සී.ආර්. පරික්‍ෂණයකට ලක්කර තිබෙන බව වාර්තා විය.

කොරෝනා වයිරසය ආසාදනය වූ පොලිස් ස්ථානාධිපතිවරයා ඊයේ අයි.ඩි.එච්. රෝහලට ප්‍රතිකාර සඳහා යැවීමට පියවර ගෙන තිබිණි. මේ හේතුවෙන් පොලිසියේ 12 දෙනකු නිරෝධායනය කිරිමට පියවර ගෙන ඇති අතර පොලිසියේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද එහි ප්‍රකාශකයෙක් පැවැසීය.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)