බුද්ධි අංශයක සහකාර පොලිස් අධ්යක්ෂවරයකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි බව පැවසෙන පුද්ගලයකු සහ යුද හමුදාවේ ලාන්ස් කෝපුල් නිලය දරන රියෑදුරකු පොල්පිතිගම, ගලටැන්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය කියයි. සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටි බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාට අයිති බව කියන සුඛෝපභෝගී ජීප් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත. පොල්පිතිගම පොලිසියේ සැරයන් හේරත් (29731) සහ පොලිස් කොස්තාපල් කරුණාතිලක (6851) යන මහත්වරුන් පෙරේදා ගල්ටන්වැව හන්දියේ රාජකාරියේ නිරතව සිට ඇති අතර එසේ සිටියදී යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සෙරෙප්පු කුට්ටමක් පැළඳ ගමන් කරන පුද්ගලයකු දැක ඒ පිළිබඳව ඇති වූ සැකයක් මත ඔහුට නොදැනී ඔහු පසුපසින් ගොස් තිබේ.
හමුදා ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සෙරෙප්පු දමාගෙන සිටීම නිසා මෙම පුද්ගලයා ගැන සැකයක් මතුවී ඇති බව පොලිසිය කියයි. සැකකටයුතු මෙම පුද්ගලයා ගල්ටැන්වැ කඩදෙක වැව ප්‍රදේශයේ නිවසකට ඇතුලු වූ අතර පොලිස් නිලධාරින් දෙදෙනා ද ඒ සමගම එම නිවසට ඇතුලු වී ඇත. ඒ අවස්ථාවේදී එම නිවස තුළ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයකු 'මම ජනාධිපති බුද්ධි අංශයේ ඒ.එස්.පී.'' (සහකාර පොලිස් අධිකාරි) යැයි පොලිස් නිලධාරින් දෙදෙනා සමග පවසා ඇති බව කියති. සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයා මත්පැන් පානය කරමින් සිට ඇත්තේ කාන්තාවකගේ නිවසේ බවත් ඇය සිංහල නමකින් පෙනී සිටින මුස්ලිම් කාන්තාවක බවත් පොලිස් පරික්ෂණවලින් හෙළිවී තිබේ.
හොර සහකාර පොලිස් අධිකාරීවරයා සමග අත්අඩංගුවට ගත් ලාන්ස් කෝප්රල් යුද හමුදා කර්නල්වරයකුගේ රියැදුරකු ලෙස සේවය කරන අයකු බව පොලිස් පරික්ෂණවලින් අනාවරණය වී ඇත. සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයාගේ බිරිඳ වෛද්‍යවරියක බව ඔහු පවසා ඇතත් ඇය රජයේ රෝහලක සේවය කරන හෙදියක බවට හෙළිවිණි යැයි පොලිසිය කීය. මෙම සැකකරු රාජාංගණය ප්‍රදේශයේ ද හමුදා ලාන්ස් කෝප්රල් හෙට්ටිපොළ කොන්වැව ප්‍රදේශයේද පදිංචිකරුවෝ වෙති. සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයා සහ හමුදා ලාන්ස් කෝප්රල් වංචනික ක්‍රියාවන් සිදුකර ඇති ද යන්න පිළිබඳව සොයා ගැනීමට ඔවුන් දින 03 ක කාලයකට රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
0 Comments