කොවිඩ පැතිරිම හේතුවෙන් වසා දමා ඇති ප්‍රදේශවල ලියුම ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් ගොඩ ගැසි ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවැසිය.
තැපැල් කාර්යාලවල හා ලියුම් කණුවල ලියුම මෙසේ ගොඩ ගැසී තිබෙන බව කී තැපැල්පතිවරයා තැපැල් සේවා කටයුතු යළි ඇරඹීමෙන්
රටේ වැඩිම ලිපි ප්‍රමාණයක් සංසරණය වන්නේ බස්නාහීර පළාතේ යැයි ද ඔහු කීය.ගොඩගැසී ඇති ලියුම්වලින් වැඩිම ප්‍රමාණයක් ප්‍රදේශ වසා දැමීමට පෙර තැපැල් කාර්යාලවලට බාරදුන් හා ලියුම කණුවල දැමූ ඒවා බවත් මෙම සියලුම ලියුම් සෞඛ්‍ය ආරක්ෂක නීතිවලට අනුකූලව වෙන් කර බෙදාහැරිමට සියලු කටයුතු යොදා ඇති බවත් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.
කොළඹ ප්‍රදේශයේ ලියුම් පෙට්ටිවලට දැමූ ලියුම් ද තවමත් එලෙසම පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන අන්දමට මුළු දිවයිනේ දිනකට සංසරණය වන ලිපි ප්‍රමාණය ලක්ෂ දහතුනකට ආසන්නය.
(සුජිත් හේවාජුලිගේ)
0 Comments