සේවිකාවකට පහර දුන් බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ ඉංජිනේරුවරයා තම සගයෙකු නොවන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා දන්වා සිටියි.
  සේවිකාවකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහි වහා පියවරක් ගන්නැයි ඇමතිවරයා බස්නාහිර පලාත් ආණ්ඩුකරවරයාගෙන් ඉල්ලා ඇතැයිද එම මාධ්‍ය අංශය දන්වා සිටී.


බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල
කාර්යාලයේ ඉංජිනේරුවරයා එහි සේවිකාවකට පහර දීමේ සිද්ධිය ඇතුලත් විඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය වල සංසරණය වන බවත් මේ සිද්ධිය දැඩි ලෙස හෙලා දකින බවත්. දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන තමන් කවරාකාරයේ හෝ කාන්තා හිංසනයකට එරෙහි බවත් ඇමතිවරයා කියා සිටියි. මෙම සිද්ධියට එරෙහිව වහා පියවර ගත යුතු බවට තමන් ආණ්ඩුව තුලද පෙනී සිටින බව ඇමතිවරයා ආණ්ඩුකාරවරයා වෙත යැවූ ලිපියේ වැඩි දුරටත් සදහන් වේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාර් වයිස් මාෂල් රොෂාන් ගුණතිලක මහතා වෙත ඊයේ  (24) ලිපියක් යවමින් ඔහු ඉල්ලා සිටින්නේ මෙම පුද්ගලයාගේ තරාතිරම නොබලා ඔහුට එරෙහිව වහා කටයුතු කරන ලෙසයි.
මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ ඉංජිනේරුවරයා තමන්ගේ ආධාරකරුවෙකු බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද ඇමතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදමින් සදහන් කර තිබේ.