මහනුවර පැරණි බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙදෙනකු පෙරේදා (28) රාත්‍රී 11.15ට පමණ 'ඒ' සිර වාට්ටුවේ දොරවල් කඩා පැනයාමට දැරූ උත්සාහය බන්ධනාගාර නිලධාරින් විසින් වෙඩි තබා වළක්වනු ලැබ ඇතැයි එම බන්ධනාගර ආරංචි මාර්ග අනාවරණය කරයි. රැඳවියන් දෙදෙනා මෙලෙස පළා යාමට තැත් කර ඇත්තේ තුන්වනවරට බවද පොලිසිය සඳහන් කරයි.
පළායාම සඳහා මෙම රැඳවියන් දෙදෙනා උඩු මහලට නැග තාප්පයට ගොඩවීමට උත්සාහ දරා ඇතැයි ද ඒ බව දැක ඇති නිලධාරින් ඒ දෙසට වෙඩි තැබීම නිසා බියට පත්ව ඔවුන් දෙදෙනා සිර මැදිරිවලට දුවගොස් ඇතැයි ද පැවසේ. සැකකරුවන් දෙදෙනා දැනට ආරක්ෂිත සිර මැදිරිවල රඳවා තබා ඇති අතර මහනුවර පොලිසිය සිද්ධිය පිළිබඳව පරික්ෂණ පවත්වයි.
මේ අතර බුස්ස බන්ධනාගාරයේ දඩුවම් විදිමින් සිටි සැකකරුවකු බන්ධනාගාර එලිමහනේ වැඩ කරමින් සිටියදි අද (30) බන්ධනාගාර භුමියෙන් පැන ගොස් ඇති බැව් බුස්ස බන්ධනාගාර කාර්යාලය පවසයි.
පැනගිය සැකකරු කබුරුගොඩ වඩුමුල්ලේ ගෙදර මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නිවසකට අයුතු ඇතුල්විම හා අන්සතු තුවක්කුවක් හා ඔරලෝසුවක් කොල්ලකෑම යටතේ මීගමුව මහාඅධිකරණය මගින් මොහු රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.
2015.12.03 දින පලමු චෝදනාවට වසර එකක් බරපතල වැඩ ඇතිව සිර දඩුවම් හා දෙවන චෝදනාවට වසර දහයක් සිරදඩුවම් මෙය එකවර ගෙවියන ලෙස නියම කර ඇත.මෙම දඩුවම් අවසන් කිරිමට නියමිතව ඇත්තේ 2022 11 22 බව ද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
ජයන්ත සමරකෝන් සහ එච් එම් සමන් – අක්මීමන
0 Comments