එජාප මහලේකම් ධූරයෙන් අකිල විරාජ් කාරියවසම් මහතා ඉල්ලා අස්වූ බව පක්ෂ ආරංචි මාර්ග අද උදෑසන තහවුරු කළේය.



මේ අතර හිස්ව පවතින එජාපයේ එකම ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට වෙනත් කිසිවෙකුත් නොව එජාප නායක රනිල් වික්‍රමසිංහවම යෙදිය යුතුයැයි පසුගිය දිනවල පැවති මතයට ගරු කරමින් අද එජාපය රනිල් වික්‍රම සිංහ නැවත පාර්ලිමේන්තුවට එවීමට නම් කර ඇතැයි වාර්තා විය.