පසුගිය දිනවල අන්තර්ජාලයේ සැරිසැරූ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් ආහාර ලබාගන්නට වාඩිවී සිටින තැනක ඇතැම් ස්වාමීන් වහන්සේලා සිටගෙන සිටින ඡායාරූපයක් ආන්දෝලනයට තුඩුදුන්නේය. මෙම ඡායාරූපය නිර්මාණාත්මකව පළ කරන ලද්දක් යයි චෝදනාවට ලක්ව

හිටපු ඇමති චම්පිකගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයෙකුද රහස් පොලිස් ප්‍රශ්න කිරීමකට ලක්විය.
කෙසේ වෙතත් එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මාධ්‍ය සම්බන්ධීකාරක ධනුෂ්ක රාමනායක මහතා දන්වා සිටියේ අගමැතිගේ ඡායාරූපය සත්‍ය එකක් බව රහස් පොලිසිය පවා පිළිගෙන චෝදනා වලින් නිදහස් වූ බවයි.
 

මෙම ඡායාරූපය ගැන ආන්දෝලනය ෆේස් බුක් ඔස්සේ වැඩි වශයෙන්ම පැතිර යද්දී අගමැතිවරයා ඇතුළු පවුලේ අය සිටින ඡායාරූපයෙන් එම පිරිස් ඉවත් කර ඒ වෙනුවට ස්වාමීන් වහන්සේලා එකතු කර තවත් ඡායාරූපයක්ද අන්තර්ජාලයේ සැරිසැරූ අතර එම සංස්කරණය කළ ඡායාරූපය 'ඔරිජිනල්' යයිද අගමැති සිටි එක 'සංස්කරණය කළ' එකක් යයිද තර්ක කරන්නට එය යොදාගෙන තිබුණි.
 

නමුත් ඒ සමගම එම ස්වාමීන් වහන්සේලා සිටින ඡායාරූපයට මූලාශ්‍ර කරගත් තැන් සොයාගෙන 'එඩිට් කර තියෙන්නේ මෙහෙමයි' යනුවෙන් හෙළිදරව් කරන තවත් පෝස්ටු පළවීම නිසා එම තර්කය බිඳවැටිණි.

මෙම හෙළිදරව් කිරීම් සිදුවූ පසුව පසුගිය 16 වනදා ජාතික රූපවාහිනියේ 'කරට කර' නමැති රූපවාහිනී වැඩසටහනකට එක්වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ඔරිජිනල් එඩිට් දෙක පටළවා මෙම ඡායාරූපය ගැන කරුණු ඉදිරිපත් කළ අතර එම අවස්ථාවේ සහභාගීවූ විපක්ෂ මන්ත්‍රී නලින් බණ්ඩාර ඔරිජිනල් එඩිට් දෙක මාරු විය යුතු බවත් දැනටමත් ඒ ගැන හැමතැනම පළව තිබෙන බවත් කියා සිටියේය.