සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය හෙට (26) සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර  ඇතැයි දන්වා සිටී.
සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල්
ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා පවසන්නේ දෙමාපියන් බියවීම නිසා පාසල් ළමුන් පාසල් කරා එවන්නේ නැති බවත් මේ නිසා තම කර්මාන්තය අඩාල වී ඇති බවත්ය.

“අද ත් අපි  වාහන කිහිපයක් ධාවනයේ යෙදෙව්වා. නමුත් හෙට වෙනකොට අපිට දුවන්න ක්‍රමයක් නෑ.
ඒ නිසා අපි හෙට දිනයේ ධාවනයෙන් ඉවත් වෙනවා. ඒකට විසඳුම තියෙන්නේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීම තුළයි. මේකට මැදිහත් වෙලා දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීමට පියවර ගන්න .
මොකද පාසල් පද්ධතිය තිබුණොත් තමයි අපේ ආදායම් මාර්ග දියුණු වෙන්නේ,”

රුවන් ප්‍රසාද් මහතා පැවසීය.