ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශය සේවා කටයුතු සිදුකරගෙන යාම සඳහා අවසරය ලබාදී ඇති රාජ්‍ය / අර්ධ රාජ්‍ය ආයතන හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ සංස්ථාවක් ඇතුළු ආයතන සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ දමා ඇති බවට පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.