දකුණු පළාතෙන් අද (01) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයන් 101ක් වාර්තා වී ඇති බව දකුණු පළාත් කොවිඩ් - 19 මෙහෙයුම් මැදිරිය සඳහන් කරයි.
එම රෝගීන් පිරිස වාර්තා වී ඇත්තේ
 ගාල්ල දිස්ත්‍රික්කයෙන් 69ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 22ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 10ක් වශයෙනි. 

 ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 32කි.  පැවැති අවමංගල්‍යයකට, කොළඹ නැව් තටාංගනයේ කොරෝනා ආසාදිතයකු පැමිණීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් කොරෝනා ආසාදිතයන් බව හඳුනාගැණිනි. 

 ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 04ක්, අම්බලන්ගොඩ 01ක්, බද්දේගම 02ක්, ඉඳුරුව - බෙන්තොට 03ක්, බෝපෙ පෝද්දල 05ක්, ඇල්පිටිය 02ක්, හබරාදුව 01ක්, ඉමදුව 02ක්, කරන්දෙණිය 05ක්, උඩුගම - නාගොඩ 02ක්, 
නෙළුව 01ක් හා රත්ගම 07ක්, තවලම 01ක්, අක්මීමණ 01ක් වශයෙන් රෝගීන් වාර්තා වී තිබේ. මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ මාතර නගර සභා බල ප්‍රදේශයෙන් වන අතර එය ආසාදිතයන් පස් දෙනෙකි. දික්වැල්ල හා වැලිගම බල ප්‍රදේශ වලින් ආසාදිතයන් හතරදෙනකු බැගින් වාර්තා වන අතර දෙවිනුවර 03ක්, මුලටියන 02ක්, අකුරැස්ස 02ක් දෙනියාය 01ක් හා පස්ගොඩ 01ක් වශයෙන් රෝගීන් වාර්තා වේ.

 හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් රෝගීන් 03 දෙනකු වාර්තා වන අතර සූරියවැව, තංගල්ල, තිස්සමහාරාමය බල ප්‍රදේශ වලින් රෝගීන් 02බැගින් වාර්තා වේ. බෙලිඅත්ත බල ප්‍රදේශයෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 01කි.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නිවෙස්වල ම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1725කි. 

එය මාතර 1515ක් වන අතර හම්බන්තොට 713කි. ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට සිදුකළ පීසීආර් පරීක්ෂණ 2894ක ප්‍රථිපල ලැබී ඇති අතර මාතර පීසීආර් පරීක්ෂණ1733ක ද හම්බන්තොට 2879ක ද ප්‍රථිපල ලැබී ඇත.