ප්‍රකට ගීත පදරචකයෙකු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුවූ සිඩ්නි චන්ද්‍රසේකර මහතා අද දින  61 වැනි වියේදී අභාවප්‍රාප්ත වූයේය.කොළඹ ආනන්ද විද්‍යාලයේ
ආදි ශිෂ්‍යයෙකු වන සිඩ්නි ජාතික රූපවාහිනියෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර පසුව මහරාජා මාධ්‍ය ජාලයට සම්බන්ධ විය. මෑතක් වනතුරුම එහි ජ්‍යෙෂ්ඨ තනතුරක නිරතවූයේය.
අභාවප්‍රාප්ත සිඩ්නි චන්ද්‍රසේකර මහතා ටෙලි නාට්‍ය රාශියක් නිර්මාණය කළා සේම ටෙලි නාට්‍ය තේමාගීත රචනයේ දක්ෂයෙකු විය. 'ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ' ඔහුගේ රචනයට රූකාන්ත ගුණතිලක ගැයූ අතිශය ප්‍රකට ගීතයකි.පසුගිය කාලයේ ප්‍රකට වූ “නැගිටිමු ශ්‍රී ලංකා” තේමා ගීතය ද ඔහු විසින් රචිත එකකි. 'අනන්තයෙන් ආ තරු කුමාරා' . 'මේ ආදරයයි'.'ප්‍රේම දඩයම' වැනි ටෙලි නාටක සඳහාද ඔහු තේමා ගීත රචනා කළේය.
 ටීවී වන් නාලිකාවේ ඔහු ඉදිරිපත් කළ ප්‍රවීණ කලාකරුවන්ගේ බිරියන් සම්මුඛ සාකච්ඡාවට ලක්කළ 'සුන්දර බිරිඳ 'වැඩසටහනද අතිශය ජනප්‍රිය විය.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.