සාර්ථක එන්නතක් තිබුණත්, ‘කොවිඩ්-19' වයිරස වසංගතය මර්දනය කිරිමට එය ප්‍රමාණවත් නොවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Dr. Tedros Adhanom ජිනිවා නුවරදී අවධාරණය කළේය.  ස්වීට්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පෙරේදා (16) හෙතෙම ඒ බව සඳහන් කළේය. “කොවිඩ්-19' නව කොරෝනා වයිරස වසංගතය සම්බන්ධයෙන් ජිනීවා නුවරදී දෙනික මාධ්‍ය හමුවක් පැවැත්වෙයි.
 
“කොරෝනා වයිරස වසංගතය එන්තකින් පමණක් නැවැත්විය හැකි එකක් නොවෙයි. සාර්ථක එන්නතක් සොයා ගැනුණත්, එය ලොව සෑම කෙනකුටම ලබා දීමට
වසර කීපයක්ම ගතවේවි. එහෙයින් එන්නතක් තිබුණත් නැතත් ලොව සෑම දෙනාම කළ යුත්තේ හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපඳිමින් වයිරස ආසාදිතයකු නොවී සිටීමට වගබලා ගැනීමයි” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවැසිය.  මේ වනවිට ජර්මනියේ “බයෝ ඇන් ටෙක්" සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්' යන සමාගම් එක් වී සියයට 90 ක් සාර්ථක එන්නතක් නිපදවා ඇත. රුසියාව පවසා ඇත්තේ ඔවුන්ගේ එන්නත සියයට 92 ක් සාර්ථක බවය. ඊට අමතරව

පෙරේදා (16) දිනයේ වාර්තා වූයේ ඇමෙරිකාවේ 'මොඩර්නා' සමාගම ද සියයට 95 ක් සාර්ථක එන්නතක් නිපදවා ඇති බවය.  ඇමෙරිකාවේ 'ෆයිසර්' යන සමාගම් එක් වී නිර්මාණය කළ ඒන්නතට වඩා ‘මොඩර්නා' එන්නත සාර්ථක බවත්, එය පහසුවෙන් ගබඩා කර තැබිය හැකි බවත් පැවැසෙයි.

රුසියාවේ එන්නත ලෝක සෞඛ්‍යය සංවිධනයේ අවධානයට ලක් වී නැත.'බයෝ ඇන් ටෙක් සහ ‘ෆයිසර්' එන්නත මෙම ‘මොඩර්නා' එන්නත ද අතුරු ආබාධ කිසිවක් නොමැති බව ද පැවැසෙයි.  ලොව පුරා ‘කොවිඩ්-19' ආසාදිතයන් ගණන ඊයේ (17) වනවිට 55,349,954 දක්වා ඉහළ ගොස් තිබිණි. ලොව පුරා නන්දෙසින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 1,332,328 ක් ලෙස දැක්විණී. තවමත් ලොව වැඩිම මරණ සහ ආසාදිතයන් වාර්තා වන් ෙන් ඇමෙරිකාවෙනි. ජර්මනියේ “බයෝ ඇන් ටෙක්” සමාගම සහ ‘ෆයිසර්' සමාගම එක් වී නිපදවූ එන්නතත්, මොඩර්නා' සමාගම නිපදවූ එතතත් පළමුවෙන් ලැබෙනු ඇත්ෙත් ඇමෙරිකානුවන්ටය.