කවුද හිතන්නෙ දවසට දෙපාරක් හොඳට තද කරලා දත් මදින මිනිස්සුන්ට මෙහෙම දේවල් වෙයි කියල. මේ කියන්න යන්නෙ කවුරුත් නොහිතන කතාවක්. මේ කතාව සමහරුන්ට දුක හිතෙන කතාවක් වේවි. සමහරුන්ට මේක කියෙවුවම අනේ අපි බේරුනා කියල හිතේවි.
ඇත්තටම තරින්ද කියන්නෙ කාටවත් කරදරයක් නැති කෙනෙක්. හැබැයි සමහර වෙලාවට තරින්ද ජීවිතේ තෝරගත්තු දේවල් නිසා තරින්දට එක එක ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුනා. අපි තරින්දගෙ ජීවිතේ ගැන වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. මොකද ඔයාලට එතකොට අපි අන්වර්ථ නමකින් හඳුන්වන තරින්දව හොයාගන්න ලේසි වේවි. තරින්ද ලස්සන තරුණයෙක්.

තරින්ද ලොකු ගානක් වියදං කරලා කාර් එකක් ගත්තා.
හිත කැමතිම පාට. එයාගෙ පෙම්වතිය කැමති වුනෙත් ඒකට. කාගෙන්වත් වැඩි විස්තරයක් අහන්නෙ නැතුව කාර් එකේ ඇඩ්වටීස්මන්ට් එකට ආසා වෙලා තරින්ද කාර් එක ගත්තා. ඒත් අන්තිමට නිතර නිතර කැඩෙන, හදන්න අවශ්‍ය අංගෝපාංග ලංකාවේ හිඟ, තෙල් පරිභෝජනය වැඩි වාහනයක් තරින්දට උරුම වුනා.

තරින්ද ගොඩාක් කල් පස්සෙන් ගිහින් කැමැත්ත දෙතුන් වතාවක් අහලා තමයි එයාගෙ පෙම්වතිය එක්ක යාළු වුනෙත්. නිතරම රණ්ඩු. තරින්දට හරියට වියදම්. මූනෙ ලස්සන විතරක්ම නෙමෙයි වැදගත් කියලා තරින්දට හිතුනා.

තරින්ද පිරිසුදුවට ඉන්න කෙනෙක්. කොච්චර වැඩ තිබුනත්, දවස බිසී වුනත්, හදිස්සි වුනත්, තරින්ද දවසට දෙපාරක් දත් මැද්දා. ආයෙත් තරින්දට වැරදුනා. උඩ ඔපයට විතරක් රැවටිච්ච තරින්ද, දත් මැද්දෙ විදුරුමස්වලට නිසි ආරක්ෂාවක් නැති ටූත් පේස්ට් එකකින්. ඒ හින්දම තරින්ද ගොඩක් වෙලාවට විදුරුමස් වේදනාවෙන් දුක් වින්දා. ඉතිං මේ නිසා තරින්ද ජීවිතේ තෝරගත්තු දේවල් තරින්දගෙ මූනට හිනාවක් නං ගෙනාවෙ නෑ.

ඉතිං අපිට ඔයාට කියන්න තියෙන්නෙ වැදගත් කතාවක්. ඔයාගෙ ජීවිතේ තෝරාගැනීම් හරි විදියට මොළේ කල්පනා කරලා කරන්න. ඔයාගෙ හිනාවට වගේම ඔයාගේ ආහාර පාන වගේම ඔයාගෙ සිරුරේ වැඩිපුරම භාවිතා වෙන අවයවයක් වුනු මුඛය ගැන වැඩි සැළකිල්ලක් දක්වන්න. විදුරුමස් නිරෝගී කර දත් වඩාත් ශක්තිමත් කරන, ස්වභාවික ලුණු අඩංගු Clogard Natural Salt වලට ඔයත් අදම මාරු වෙන්න.