අද (11) රාත්‍රී 10.00 සිට ලබන 15 වැනිදා දක්වා බස්නාහිර පළාත තුළට ඇතුළු වීමට අවසර ලබාදී ඇතත් පිටවීමට අවසර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටවන දුම්රිය අලුත්ගම, අඹේපුස්ස, කොච්චිකඩේ සහ අවිස්සාවේල්ල බලා පමණක් ධාවනය වන බව එම නිවේදනයේ දැක්වේ.

ඉන් ඔබ්බට සෞඛ්‍ය හේතූන් මත බස්නාහිර පළාත තුළ සිටින මගීන් රැගෙන යනු නොලබන අතර, ධාවනය වන දුම්රියන් තුළ ඊළග දුම්රිය නැවතුම්පොලේ සිට ගොඩ වන මගීන්ට ගමනාන්තය දක්වා ගමන් කිරීමට හැකියාව ඇත.