‘කොවිඩ්-19' හෙවත් නව කොරෝනා වයිරසයට නිරාවරණය වීමෙන් අනතුරුව ස්වයං-නිරෝධායනය විය යුතු කාලය අඩු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ වසංගත රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය තීරණය කර තිබේ. එම මධ්‍යස්ථානයේ ඉහළ පෙළේ නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය ඒ බව වාර්තා කර තිබෙන අතර දැනට තිබෙන සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු විය යුතු ය. වයිරසය නිරාවරණය අය සහ වයිරස ආසාදිත රෝගීන් පී.සී.ආර්. පරික්ෂණවලට යොමු කිරීම තුළින් අදාළ කාලසීමාව අඩු කරගැනීමට හැකියාව ඇතැයි එම නිලධාරියා කීය.
“දැනට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙමින් තිබෙනවා. පී.සී. ආර්. පරික්ෂණවලට යොමු කිරීම තුළින්
මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණය ගෙන නැති විශේෂඥයන් දැනට තිබෙන දත්ත විලේෂණය කරමින් සිටින බවත් ජනතාවට අවදානමේ හෙළීමට කිසිවකුටත් අවශ්‍ය නැති බවත් එම නිලධාරිය කීවේය. ‘කොවිඩ්-19' පරික්ෂණ ප්‍රමාණවත් පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් විශේෂඥයන්ගෙන් සහ මහජන සෞඛ්‍ය නිලධාරින්ගෙන් ඇමෙරිකානු ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. ඇමෙරිකානු සෞඛ්‍ය අංශ මේ වනවිට වයිරස ආසාදිතයන් හඳුනාගන්න ක්ෂණික පරීක්ෂණ කට්ටල මිලියන 40ක් බෙදාහැර ඇතැයි ද පැවසේ. ඇමෙරිකානු රජය ‘ඇබට් ලැම්බෝරටරිස්” සමාගමෙන් ක්ෂණික පරීක්ෂණ කට්ටල මිලියන 150ක් මිලදී ගැනීමට එකගතාව පළ කර තිබිණි. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දෙනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සාමාන්‍ය ගණන මේ වනවිට 172,000ක් ලෙස දැක්වෙන අතර මේ මස මුල සිට ඇමෙරිකාවෙන් 100,000 ඉක්මවා ආසාදිතයෝ වාර්තා වෙති.
0 Comments