කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබාදෙන නීතියක් සම්මත කිරීමට ස්කොට්ලන්තය කටයුතු කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙම නිෂ්පාදන නොමිලේ ලබාදීමට තීරණය කළ ලොව පළමු වැනි රට බවටද ස්කොට්ලන්තය පත්ව තිබේ.
ඒ අනුව ස්කොට්ලන්තයේ පාසල් සහ විශ්වවිද්‍යාලය ඇතුළුව පොදු ගොඩනැගිලි තුළදී මෙම නිෂ්පාදන නොමිලේ ලබාදෙන බවත් එහිදී ප්‍රාදේශීය බලධාරීන් කාන්තාවන් වෙත මෙම නිෂ්පාදන නොමිලේ හිමිවන බවට වගකිව යුතු බවත් රජය පවසා සිටියි. රජය ගත් මෙම තීරණයට මේ වනවිට වෘත්තීය සමිති, කාන්තා සංවිධාන මෙන්ම පුණ්යායතනද සිය සතුට පළකර තිබේ.
ස්කොට්ලන්තයට පාර්ලිමේන්තු මන්ත්‍රිනී මොනිකා ලෙනන් විසින් පසුගිය වසරේදී මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි. මෙම කෙටුම්පතට අනුව මේ හරහා 2022 වසර තුළ රජය වෙත දරන්නට සිදුවන වියදම පවුම් මිලියන 8.7ක් බව ගණන් බලා තිබේ. එහෙත් මෙය තීරණය වන්නේ කාන්තාවන් කොපමණ සංඛ්‍යාවක් මෙම නොමිලේ සේවාව වෙත යොමුවන්නේද යන්න අනුව බව රජය පවසයි. දත්තවලට අනුව අද වනවිට ස්කොට්ලන්තයේ වෙසෙන කාන්තාවන්ගෙන් 20%ක්ම දරිද්‍රතාවයෙන් පෙළෙයි.
0 Comments