කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ශ්‍රී ලංකන් කෙටරින් මෙහෙයුම් අංශයේ සේවකයන් 08 දෙනකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි. ශ්‍රී ලංකන් කෙටරින් අංශයේ එක් සාමාජිකයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ඉකුත් සඳුදා තහවුරු
එම අසාදිතයන් අට දෙනා සමග කටයුතු කළ කාර්ය මණ්ඩලය පී.සී.ආර් පරික්ෂණවලට යොමු කළ බවද සමාගම සඳහන් කරයි. පවතින වසංගත තත්ත්වය යටතේ ආහාර ප්‍රමිතිය පවත්වා ගෙන යාම , ගුවන් ගමන්වලදී සාමාන්‍ය පරිභෝජනය සඳහා සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබා දීමට ශ්‍රී ලංකන් කොක්ටරින් කටයුතු කරන බවද එම ගුවන් සමාගම කියා සිටී.
-තිළිණි ද සිල්වා-
0 Comments