බලපත්රයක් රහිතව සත්ව හිංසාව ඇතිවන පරිදි මී ගවයන් 103දෙනකු ප්රවාහනය කරමින් සිටි පස්දෙනකු පෙරේදා (28) දාඹගහවෙලදී අත්අඩංගුවට ගත් බව සියඹලාණ්ඩුව පොලිසිය පවසයි.
මහකදුගොල්ල, ලුණුගම්වෙහෙර හා තිස්සමහාරාම යන ප්රදේශවල පදිංචිකරුවෝ පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් විසින් ගවයන් ප්රවාහනයට යොදාගත් ලොරි රථ 05ක්ද පොලිස් භාරයට ගනු ලැබ ඇත.
අදාළ මීගවයන් සියඹලාණ්ඩුව මහකදුගොල්ල ප්රදේශයේ සිට ලුණුගම්වෙහෙර ප්රදේශයට රැගෙන යමින් සිට ඇතැයි අනාවරණය වී ඇත.
සැකකරුවන් පොලීසියට පවසා ඇත්තේ මෙම මී ගවයන් ඇති කිරීමට රැගෙන යන බවයි. අත්අඩංගුවට පත් මී ගවයින් වැඩි ප්රමාණයක් මීගව දෙනුන් හා පැටවුන් බවත් අත්අඩංගුවට ගන්නා විට ඔවුන්ගෙන් පස්දෙනෙකු මියගොස් සිටි බවද පොලීසිය පවසයි. සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
- නයනජීව බණ්ඩාර -
0 Comments