පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ  (119) කොරෝනා වයිරසය ආසාදනය වී ඇති නිලධාරින් 87 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.  ඉකුත් 28 දින පොලිස් හදිසි ඇමතුම්  ඒකකයෙන්  කොරෝනා ආසාදිතයන් 59 දෙනකු  වාරaතා වූ අතර ඉකුත් දින කිහිපයේ තවත් 28 දෙනකු වාර්තා වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.  පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරියකුට ද  කොරෝනා වයිරසය ආසාදිත බව ඊයේ (30)
තහවුරු වී ඇතැයිද සඳහන් වෙයි.ඒ අනුව ඊයේ වන විට පොලිස් නිලධාරින් 1876 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ප්‍රභූ ආරක්ෂක සේවාවලට අනුයුක්ත පොලිස් නිලධාරින් 145 දෙනකුද ඒ අතර වන බව එම ආරංචි මාර්ග පවසයි.


කොරෝනා වයිරසය ආසාදිත පොලිස් නිලධාරින් 1876 දෙනා අතුරින් 1614 දෙනකු මේ වනවිට සුවවී රෝහල් වලින් පිටව ගොස් ඇති අතර නිලධාරීන් තවත් 271 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද පොලිස් ආරංචි මාර්ග  සඳහන් කරයි.  නාගරික රථවාහන කොට්ඨාසයේ නිලධාරින් 60 දෙනකු, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නිලධාරීන් 58 දෙනකු, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 309 දෙනකු, කොළඹ දකුණ පොලිස් ස්ථානවල නිලධාරින් 182 දෙනකු, කොළඹ උතුර පොලිස් ස්ථානවල නිලධාරින් 153 දෙනකු, කොළඹ මධ්‍යම පොලිස් ස්ථානවල නිලධාරින් 381 දෙනකු වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තතා වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.


 -නිමත්ති රණසිංහ-