කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ කොරෝනා ආසාදිතව මියගිය
16 දෙනකුගේ මෘත දේහයන් දින කිහිපයක සිට ගොඩගැසී තිබේ.
මෙම මරණකරුවන් වාර්තා වන්නේ මාලිගාවත්තෙන් පස්දෙනකු, මරදානෙන් තිදෙනකු, ග්‍රෑන්ඩ්පාස්
ප්‍රදේශයෙන් තිදෙනකු, කොම්පඤ්ඤවීදියෙන් දෙදෙනකු, මෝදර, දෙමටගොඩ, ගොතටුව යන ප්‍රදේශවලින්
එක් අයකු බැගින් වාර්තා වේ.
කොරෝනා ආසාදිතව මියගිය බවට හඳුනාගත් අයගේ මළසිරුරු පැය 24ක් තුළ ආදාහනය කිරීමට සෞඛ්‍ය
අංශ විසින් උපදෙස් දී තිබුණද ආදාහනයට විරුද්ධ ඇතැම් පාර්ශ්වයන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙම
මෘත ශරීර මෙලෙස ගොඩගැසී ඇතැයිද සෞඛ්‍ය අංශ ආරංචි මාර්ගයන් කියා සිටී.
මින් ඇතැම් මෘත දේහයන් දින දහයකට අධික කාලයක් මෙසේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණවල තැන්පත්
කර ඇතැයිද එම ආරංචි මාර්ගයන් පවසයි.
කොරෝනා ආසාදිත මෙම මෘත දේහයන් 16න් 14ක්ම පිරිමි පුද්ගලයන්ගේ වේ.
මින් ඇතැමුන් නිවෙස්වල මියගොස් පසුව සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත බවට තහවුරු
වූ පුද්ගලයන් වේ.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයද අවදානමකට
හෙළමින් මෙලෙස මෘත දේහයන් ගොඩගැසීම අර්බුදයක් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
තවද මෙම වෛද්‍ය නිලධාරි කාර්යාල මෘත ශරීරාගාරයේ අධිශීතකරණ පහසුකම යටතේ මෘතශරීර 20ක්
පමණක් අසුරා තැබීමට හැකියාවක් තිබෙන හෙයින් මෙලෙස මෘත දේහයන් ගොඩගැසීම නිසා අධිශීතාගාර
පහසුකම් අවම වීමද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
චාමර අමරසූරිය
0 Comments