
දිවයින පුරා සිනමාහල් ආසන සීමා කිරීමකින් ජනවාරි 01 වැනිදා සිට නැවත විවෘත කිරීමට නියමිත බව චිත්‍රපටි සංස්ථාව ප්‍රකාශ කරයි.
සිනමාහලක සම්පූර්ණ ආසන ධාරිතාවෙන් 25% ක ප්‍රමාණයක් පමණක් එනම් 4 / 1 කොටසක් පමණක් භාවිතා කිරීමට මෙහිදී අනුමැතිය ලබා දී ඇත.
හුදකලා ප්‍රදේශයන්වල සිනමාහල් විවෘත නොවන බවද දැක්වේ. පසුගිය මාර්තු 14වැනිදා සිට ජූනි 26 වැනිදා
පළමු කොරෝනා රැල්ල නිසාත් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා දෙවන රැල්ල නිසාත් සිනමාහල් වසා දමා ඇති අතර නැවත ජනවාරි මාසයේ මෙලෙස සිනමාහල් විවෘත කරන්නේ දැඩි ආරක්ෂණ කොන්දේසි යටතේය.
Comments
Post a Comment
Your comment will be visible after approval