ශ්‍රී ලංකාවට පැමිණ මුලින් හෝටල්වල දින 14 ක් නිරෝධායනය වන පුද්ගලයින් සඳහා නිවාස නිරෝධායනය නිදහස් කර ඇත. පසුගිය කාලයේ සිදුවූයේ දින 14 ක් හෝටලයක හා තවත් දින 14 ක් නිවසේ ලෙස දින 28 ක් නිරෝධායනය වීමයි.
හෝටලයකදී කොරෝනා වෛරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරීමේ අවදානමක් නොමැති බැවින් මෙම නිදහස් කිරීම ලබා දී ඇතැයිද හෝටල්වල නිරෝධායනය කරන පුද්ගලයින් වෙනම කාමරවල තබා ඇති අතර එමඟින් වෛරසය පැතිරීමේ අවදානම අවම වන බවද ඔහු පැවසීය.
කෙසේවෙතත්, රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන ක්‍රියාවලියට භාජනය වන විදේශයන්හි සිට ආපසු පැමිණෙන අයට දින 14 මධයස්ථාන නිරෝධායනයට අමතරව තවත් දින 14 ක් සඳහා නිවාස නිරෝධායනය කිරීම එකතුව 28 දින ක් අනිවාර්ය බව ඔහු පැවසීය.
රජයේ නිරෝධායන පහසුකම්වල නිරෝධායනය කරන පුද්ගලයින් පොදු ශාලා තුළ එකට තබා ඇති බැවින් මෙය අවශ්‍ය බවය.
0 Comments