ගම්පොළ නගරය ඇතුළු නගර පහකට බිස්කට් ඇතුළු නිෂ්පාදන බෙදූ අලෙවි නියෝජිත නිලධාරියකුට කොරෝනා
වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ එම නගර තුළ ඇති වෙළෙඳසල් 400කට අධික සංඛ්‍යාවක්
වසා දැමීම 28 වැනිදා සවස සිට පියවර ගෙන ඇති
මෙම බිස්කට් ඇතුළු නිෂ්පාදනවල ගම්පොළ නියෝජිතයාගේ අලෙවි නිලධාරියකුට මෙසේ වයිරසය ආසාදනය වී තිබේ.
එසේ නිෂ්පාදන භාණ්ඩ බෙදූ පේරාදෙණිය, කොස්සින්න, ගෙලිඔය, වැලිගල්ල, ගම්පොළ හා ඇත්ගාල යන
නගර තුළ ඇති වෙළෙඳසල් මෙසේ වසාදැමීම ඊයේ (29) දිනයේදී සිදුවෙමින් පැවැතිණි.
29 හැවිරිදි මෙම වෙළෙඳ නියෝජිතයා ගම්පොළ අටබාගේ, උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර
ඔහු ගමේ සැරිසැරීම නිසා එම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරියක් ඇතුළු 25දෙනකුද
නිරෝධායනයට ලක්කර තිබේ.
මොහුට ගම්පොළ ශික්ෂණ රෝහල මඟින් පී.සී.ආර්. පරීක්ෂණ කර සිටියදී ගමට ගොස් ගමේ සැරිසරා ඇති බවද
සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබේ.
ගම්පොළ නගරයේ පමණක් මේ නිසා වෙළෙඳසල් සියයකට අධික ප්‍රමාණයක් වැසීමට ගම්පොළ නගර සභා
සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ. පසුගිය 17දා සිට 27 දා දක්වා මොහු සැරිසැරූ ස්ථාන පිළිබඳව
තවදුරටත් සොයා බලන බවද සෞඛ්‍ය අංශ පවසයි.
ගම්පොළ - මාධව බණ්ඩාර
0 Comments