හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ඉඩම් හිමිකරුවකු මියගිය පසුව ඔහුගේ බිරිඳට හා දරුවන්ට එම ඉඩම පවරා දීමට මහවැලි අධිකායේ උසස් නිලධාරියකු රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා ඇතැයි කතානායක 
මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.  කතානායකවරයා මෙසේ පැවැසුවේ බිම්සවිය හක්මන ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදීය.  මේ සිද්ධිය විස්තර කරමින් කතානායකවරයා මෙසේද පැවැසීය.


"මේ කාන්තාව හා දරුවා ඉඩම පවරා ගැනීමට වසර දෙකක පමණ කාලයක සිට උත්සාහ දරලා තිබුණා.  නමුත් ඒ නිලධාරියා ඒක කරලා දීලා නැහැ. වැඩේ කරලා දෙන්න මස් රාත්තලම ඉල්ලනවාලු. තුන් කාලටත් බැහැ කිව්වලු. ඒ වගේම ඕනෑම අයෙකුට ඉඩම දෙන්නත් පුළුවන් ඕනෑම  කෙනකුට ඉඩම හරවන්නත් පුළුවන් කියලා බය කරලා තිබුණා. ඒ අයට කියන්න කෙනකු නැති වුණාම මට ඇවිත් ඒ සිද්ධිය කිව්වා. ඒ අයගේ ගැටලුව සම්බන්ධ ලියකියවිලි මා ළඟ තිබෙනවා. මේ පැතිවල සිදුවන්නේ මේගේ අවාසනාවන්ත සිද්ධි මේ ගැටලුව මම ඉඩම් ඇමැතිවරයාගේ අවධානයට යොමු කරවීමට බලාපොරොත්තු වෙනවා.


 -සුජිත් හේවාජුයලිගේ-