ඓතිහාසික විජිතපුර බළකොටුවට අයත් බැලුම්ගල අලහප්පෙරුමාගම ප්‍රදේශයේ අතිශය පුරාවිද්‍යා වටිනාකමක් ඇති බිමක් ඩෝසර් කර එම ස්ථානයේ තිබූ සෙල්ලිපියක් සහිත පුරාවිද්‍යා ස්මාරකයක් රැගෙන ගොස් නිවසක
සැකකරුවන් විසින් ඩෝසර් කර විනාශ කර දමා ඇති භූමිය සහ එම ස්ථානය ඩෝසර් කර රැගෙන ගොස් නිවෙසක මිරිස් අඹරන ගලක් ලෙස භාවිත කර ඇති ස්මාරකය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඒවා ද යන්න පිළිබඳව පරික්ෂා කර බලා ඊට අදාළ පුරාවිද්‍යා වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය. මෙසේ රිමාන්ඩ් කෙරුණේ විජිතපුර අලහප්පෙරුමාගම මොහිදීන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සභාපති ජබර්දීන් මොහොමදු සියාබ්දීන්, එහි ලේකම් මුතාලිෆ් කයිරූෆ්, භාණ්ඩාගාරික අහමුදු ලෙබ්බේ අන්වර් සහ එම පල්ලියේ අධීක්ෂණ නිලධාරින් වන නවුෆර් පිච්චෙයි නසූර්දීන් සහ ඊබ්‍රහිම් ලෙබ්බේ නවුෆර් සහ පුරාවිද්‍යා බිම ඩෝසර් කර එහි තිබු ස්මාරකය ප්‍රවාහනය කළ වාහනයේ රියැදුරු වන ඉපලෝගම ගලවංගුව ලිපිනයේ ඩබ්ලිව්.එම්. දිනේෂ් සංජීව වීරසිංහ සහ පුරාවිද්‍යා වටිනාකමක් ඇති එම ස්මාරකය තම නිවසේ මිරිස් ගලක් ලෙස භාවිතා කළ මතාලි යුනයිදීන් ඇතුළු දස දෙනෙකි.
-උපාලි ආනන්ද-
0 Comments