ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් හතකට කොරෝනා ආසාදනය වී තිබියදී තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව
සම්බන්ධයෙන් අදාළ බලධාරීන් පියවර ගෙන නැතැයි පවසමින් කරාපිටිය වෛද්‍ය පීඨයේ අනධ්‍යයන
සේවකයෝ (07) සංකේත වැඩ වර්ජනයක නිරත වූහ.
උදෑසන සිට සේවයෙන් ඉවත්ව මෙම පිරිස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණව සිටි අතර මෙම තත්ත්වය
සම්බන්ධයෙන් තමන්ට විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන
බවද විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මික එස්. ප්‍රියන්ත මහතා මෙසේද පැවැසීය.
මේ වනවිට කරාපිටිය වෛද්‍ය පීඨයේ අනධ්‍යයන සේවකයන් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා
වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටිනවා.
මේ වනවිට රුහුණු විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් සත් දෙනෙක් මේ වනවිට කොවිඩ් රෝගීන් බවට පත් වෙලා
තියෙනවා. නමුත් පාලනාධිකාරිය විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ අවම සෞඛ්‍ය පහසුකම්වත් තකන්නේ
නැතිව කටයුතු කරනවා.
මේ ආසාදිත වෙච්ච සිසු සිසුවියන් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සේවිකාවන් සමඟ ඉතාම සමීපව කටයුතු
කරලා තියෙනවා. පාලනාධිකාරිය මේ දක්වා ඔවුන් නිරෝධායනය කරන්නවත් ඔවුන්ගේ පී.සී.ආර්.
පරීක්ෂණයක් කරන්නවත් කටයුතු කරලා නෑ.
මෙන්න මේ තත්ත්වය නිසයි අපි අද එක්දින සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණ වෙලා තියෙන්නේ.
ගාල්ල - සමන් කළුආරච්චි
0 Comments