අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමට පෙරේදා (06 වැනිදා) අලුයම එකට පමණ පැමිණි මධ්‍යම පළාත නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකු එහි සිටි පොලිස් නිලධාරීන් සමග මත ගැටුමක් ඇති කර ගෙන පසුව හැරී ගොස්  ඇතැයි වාර්තා විය.

මෙම ඇමතිවරයාගේ නම හෙළිදරව් කරන්නට බලධාරීන් තවම අතමැතිවී තිබේ.
ඔහු තවත් පුද්ගලයින් පිරිසක් සමග පැමිණ රුවන්වැලි සෑය වැඳීමට අවශ්‍ය බව පවසමින් පොලිස් නිලධාරීන් සමග මත ගැටුම ඇති කරගෙන ඇතැයි වාර්තා විය. එහිදී පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අවේලාවේ චෛත්‍ය වන්දනා කිරීමට ඉඩ ලබා නොදෙන බවයි. රුවන්වැලි මහසෑය වන්දනා කිරීමට බැතිමතුන්ට දිනපතා රාත්‍රී 10.00 වන තුරු අවස්ථාව ලබා දෙන මුත් එම අවස්ථාවේ වේලාව පාන්දර 1 පමණ විය. මත ගැටුමක් ඇති වූ බව රුවන්වැලි සෑ විහාරාධිපති හිමියන්ද තහවුරු කර තිබෙයි.
 

මෙම සිදුවීම පිලිබදව එම පොලිස් නිලධාරීන් විසින් තමන් වහන්සේට දැනුත් කලේ යයි රුවන්වැලිමහසෑ විහාරාධිකාරී පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝද සදහන් කර ඇත.
කෙසේ නමුත් තමන් වහන්සේ එකී සිදුවීම සියැසින් නොදුටු නිසා ඒ ගැන කිසිවක් කීමට නොහැකි බවත් සදහන් කර ඇති නාහිමියන් එවන් සිදුවීමක් වුයේ නම් ඒ පිළිබඳව පරීක්‍ෂණ කර නීතිය ක‍්‍රියාත්මක කල යුතු යයි පොලිසියට දැනුම් දුන් බවත් පවසා ඇත.