තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා පවසා තිබේ.

තමා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් සහ අමාත්‍යධූරයෙන් ඉවත් වූ බවට පැතිර යන පුවත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.


ඊයේ පැතිරගිය ආරංචියකින් කියැවුනේ මුස්ලිම් කොරෝනා මළ සිරුරු භූමිදානය සම්බන්ධ ඇමතිවරයාගේ ස්ථාවරයට රජය අවනත නොවීම නිසා ඔහු සිය ඉල්ලා අස්වීම ජනපතිවරයා වෙත භාරදීමට සලකා බලා ඇති බවකි. ජනපතිවරයා ඊට අකමැතිවීම නිසා ඔහු තීරණය වෙනස් කරගත් බවටද ආරංචි පැතිරිණි.

(අමාත්‍ය අලී සබ්රි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවීමට පෙර සිට ඔහුගේ නඩු ගණනාවකම නීතීඥයා වූ අතර අලි සබ්රි කැබිනට් ඇමතිවරයෙකු බවට පත්වූයේ ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රී ධූරයකිනි)