අනුරාධපුර පූජා නගරයට පැමිණ විවේක සුවයෙන් ගත කරන තරුණ පෙම්වතුන් බිය ගන්වා ඔවුන්ගෙන් කප්පම් ගැනීමේ යෙදුණු ගුවන් හමුදාවේ සැරන්වරයකු බව කියන පුද්ගලයකු 15 අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලීසිය පවසයි. තිසාවැවේ වැව් බැම්මේ වාඩිවී කතා බහ කරමින් සිටි තරුණ පෙම්වතුන් යුවළක් ළගට ගොස් පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් ඔවුන් අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර තිබෙන
ඔහුගේ ක්‍රියාකලාපය ගැන සැක සිතූ පෙම්වතා පෙරේදා උදේ අනුරාධපුර පොලිසියට ගොස් සිදුවූ දේ ගැන පැමිණිලිකර ඇත. පසුව ඔහු කී ස්ථානයට ගොස් ඔහු හමුව අවස්ථාවේ හැඳුනුම්පත් ලබාදීමට තවත් මුදලක් පෙම්වතාගෙන් ලබාගැනීමට උත්සාහ දරද්දී සිවිල් ඇඳුමින් එතැනට පැමිණි අනුරාධපුර පොලීසියේ නිලධාරින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ නොච්චියාගම, අන්දරවැව පදිංචි ගුවන් හමුදාවේ සැරයන්වරයකු වන මේ තැනැත්තා සිවිල් ආරක්ෂක බළකායේ උඩමළුව කඳවුරේ සේවය සඳහා අනුයුක්ත කර සිටින අයකු බවයි.
ඒ අතරතුර පූජා නගරයට පැමිණෙන තරුණ පෙම්වතුන් බිය ගන්වා ඔවුන්ගෙන් කප්පම් ලබා ගැනීමේ යෙදී ඇති බව ද ප්‍රශ්න කිරිම්වල දී අනාවරණය වී ඇත. පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් බිය වද්දා කප්පම් ලබාගැනීමේ වරදට අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඊයේ (16) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව සිටියේය. අනුරාධපුර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරිකෂක ඒ. විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ගැන පරික්‍ෂණ සිදු කෙරුණි.
අතුල බණ්ඩාර
0 Comments