බණ්ඩාරගම අටලුගම කොරෝනා වයිරසය ආසාදිතයන්ගේ වර්ධනයත් සමගම සැලැස්මක් අනුව එම ප්‍රදේශයේ පී.සී.ආර්. පරික්ෂණ අද 14 දින සිට කඩිනම් කිරීමට පියවර ගන්නා බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය.
මේ වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 1750 ක් වාර්තා වන අතර එයින් 555 දෙනකුම අටුලුගම ප්‍රදේශයෙන් වාර්තා වන බවත් ඒ අතර ගැබිනි කාන්තාවන් 8 දෙනෙකු ද වන බවත් ගීගනගේ මහතා පැවසීය.
එම තත්වය සැලකිල්ලට ගෙන පෙරේදා 12 කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක උදය රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වූ ගීගනගේ මහතා මෙසේද පැවසීය. අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් වලින් විශාල වශයෙන් රෝගීන් වාර්තා වන ග්‍රාම නිලධාරි වසම් අනුපිළිවෙළින් සකස් කරලා ඒ හඳුනාගත් ග්‍රාම නිලධාරි වසම්වල සිටින රෝගයට ගොදුරු විය හැකි අවදානම් කණ්ඩායම් (දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන, වයස්ගත පුද්ගලයන්) වලට මුලින්ම පීසීආර් පරික්ෂණ සිදු කරන වැඩසටහනක් සකස් කළා.
අටලුගම ප්‍රදේශයේ කොවිඩ් මර්දන කමිටුව නමින් සංවිධානයක් පිහිටුවා ගෙන තිබෙනවා ඒ කණ්ඩායමත්, සිවිල් සංවිධාන සහ රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනා එක් වෙලා මෙම වැඩසටහන සාර්ථක කර කරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ තත්වය තුළ අපි හඳුනා ගන්නා රෝගීන් ඉක්මනින් රෝහල් ගත කිරීමට කටයුතු කරලා ඔවුන්ගේ මරණ සංඛ්‍යාව වළක්වා ගැනීම තමයි ප්‍රධාන පරමාර්ථය වෙන්නේ. එම නව වැඩසටහනේ සැලැස්ම අටුලුගම පිහිටුවාගෙන තිබෙන කොවිඩ් මර්දන කමිටුව වෙත ද ලබාදීමට පියවර ගන්නවා. අපි අටුලුගම ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා ඒ සඳහා සහභාගි වෙන්න කියලා.
- බිමල් ශ්‍යාමන් ජයසිංහ -
0 Comments