බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි පාසල් දැරියකට කෝවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව එම පාසලේ සිසු දැරියන් 14 දෙනෙකු හා ගුරුවරු 07 දෙනෙකු නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්කල බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙම දැරිය රත්ගම මාමඩවල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, මෙකී සිසුවියගේ පළමුපෙළ ආශ්‍රිතයන් මෙසේ නිවෙස්වල නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන ඇත. මෙකී සුවියන්ගේ පවුල්වල හා ගුරුවරු 07 දෙනාගේ පවුල්වල 35 දෙනෙකුගේ පී.සී.ආර්.
පරීක්ෂණ ලබන සඳුදා දින සිදුකිරීමට නියමිතව ඇති බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය. එම පී.සී. ආර්. පරික්ෂණවල ප්‍රතිඵල එනතෙක් මොවුන් නිවෙස්වල නිරෝධායනය කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.
අදාළ දැරිය මෙම පාසලේ කලා අංශයෙන් ඉගෙනුම ලබන අතර, ඇය ඉකුත් 25 වැනි දින පාසලට පැමිණ ඇත. අධික උදරයේ වේදනාව හා උණ වැලදීම හේතුවෙන් ඇය කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයේදී මෙකී දැරියට කෝවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා (04දා) පස්වරුවේ තහවුරු වී ඇත. දැරිය කඹුරුගමුව රෝහල වෙත පිටත්කර යැවීමට කටයුතු කර ඇත.
- ජිනේෂ් නානායක්කාර -
0 Comments