බෙලරුස් රාජ්‍යයේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 15 දෙනකුට පමණ කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා එරට සිට

දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ඊයේ (30) පැවැසීය.  පී.සී.ආර්. පරීක්ෂණවල දී මේ බව තහවුරු වී ඇත.  ආසාදිත වූ සිසුන් මේ වන විට සුවය ලබමින් සිටින බව ද මහාචාර්ය ළමාවංශ පැවසීය. බෙලරුස්හි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 1,000ක් පමණ අධ්‍යාපනය ලබන බවත්,
එරට එහි මිලියන 9ක් පමණ වන ජනහනයෙන් 137,000කට පමණ  කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් පවසයි.


කොරෝනා දෙවැනි රැල්ල තවමත් සක්‍රියවී ඇති බවත් දිනකට අලුත් රෝගීන් 15000 කට වඩා එරටින් වාර්ත වන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.  කොරෝනා වයිරසයයෙන් බෙරි සිටීම සඳහා ශ්‍රී ලංකා සිසු සිසුවියන්ට නිරන්තරයෙන්ම අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබා දෙන බව ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ශිෂ්‍ය නියෝජිතයන් 100 දෙනකු සම්බන්ධ කරගෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේ ද පිළිබඳව සිසුන් දැනුවත් කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.  මහාචාර්ය ළමාවංශ මහතා බෙලරුස් රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් හා විශ්වවිද්‍යාල බලධාරින් හමුවට ඉදිරි දින කිහිපය තුළ එරටට යාමට නියමිතය.  බෙලරුස් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති අතර  රුසියාවේ තානාපති කාර්යාලය එහි කටයුතු ද මෙහෙයවයි.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -