මීරිගම දිවුලපිටිය මාර්ගයේ ගුරුල්ලගම ප්‍රදේශයේදී පෙරේදා (19දා) රාත්‍රියේ යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු එතැනම ජීවිතක්ෂයට පත්විය. මෙසේ මියගියේ රංගන ශිල්පියෙකු, පුවත් විශේෂාංග ලේඛකයකු හා ඡායාරූප ශිල්පියකු මෙන්ම කලක් ප්‍රවෘත්ති
දෙපාර්තමේන්තුවේද සේවය කළ මීරිගම කිතුල්වල පදිංචිව සිටි බර්නාඩ් ෂෝ දිසානායක ප්‍රේමසුන්දර (48) මහතාය. ටෙලි නාට්‍යයක කටයුතුවල යෙදී සිට යතුරුපැදියෙන් නිවස බලා එදී ගුරුල්ලගම කම්මල අසල නවතා තිබූ කළුගල් පැටවූ ටිපර් රථයක පිටුපස යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු මීරිගම රෝහලට
බර්නාඩ් ෂෝ මීරිගම ප්‍රදේශයේ උපත ලද අතර සිප්සතර හැදෑරුවේ මීරිගම ඩී. එස්. සේනානායක මධ්‍ය විද්‍යාලයෙනි.
ජයන්ත චන්ද්‍රසිරි මෙහෙය වූ රංගන පාඨමාලාව සාර්ථකව හදාරා නිම කරන ලද ඔහු දඬුබස්නාමානය ටෙලි නාට්‍යයේ චරිතයකින් මුලින් ප්‍රකට විය.
චන්ද්‍රරත්න මාපිටිගමගේ වෙස් මුහුණ, ආරියරත්න ඇතුගලගේ සිත්තර ගුරුන්නාන්සේ මෙන්ම සූරිය විංසති, රම්‍ය නගරය, සුභා සහ ප්‍රභා, සමර්ථා, පෙරේරාට එරෙහිව කුරේරා, නිල්දිය රළ, යර්ස් බොස්, යර්ස් මැඩම්, භවත්‍රා ඇතුළු ටෙලි නාට්‍ය 25 කට පමණ දායක වීමට ඔහුට හැකිවිය.
සඳරේණු, සුවඳ, කිංකිණි වැනි පුවත්පත්වල ද විශේෂාංග ලේඛකයකු වශයෙන් කටයුතු කර ඇත. ඔහු දිගටම පුවත්පත් ඡායාරූප ශිල්පියකු ලෙස සේවයේ යෙදී සිටියේය.
0 Comments