ඊයේ අළුයම් කාලයේදී කොළඹ නුවර මහා මාර්ගයේ මාවනැල්ල හිගුල ප්‍රදේශයේ තිබුන බුද්ධ මන්දිරයේ වීදුරුව කඩා තිබීම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙයි.

මෙම සිද්ධිය නිරීක්ෂණය කිරීම සදහා ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ඇතුළු හිමිවරුන් එම ස්ථානයට ගොස් තිබුණි.


“පසුගිය කාලයේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානි කල අවස්ථාවේ ඒවා සුළු කොට තැකීම නිසා සහරාන්ල බිහිවුනා අපි ආරක්ෂක ලේකම් තුමාට කියනව සහරාන්ල නැවත බිහිවෙන්න දෙන්න එපා කියල මේක හොඳ තත්වයක් නොවෙයි
ත්‍රස්තවාදය අන්තවාදය බෙදුම්වාදය නැතිකරනවා කියල බලයට ආව ආණ්ඩුව මේ ගැන සොයා බැලිය යුතුයි” යනුවෙන් ප්‍රකාශ කල ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියෝ මාවනැල්ල පොලිසියට ගොස් එහි ස්ථානාධිපති වරයා හමුවී වර්තමාන තත්වය පිලිබදව විමසීමක්ද කළහ.

මේ වන විට මාවනැල්ල නගරයට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබෙයි.

යුද හමුදා භටයෝ මෙන්ම පොලිස් නිලධාරිහුද එහි රැදී සිටින අතර මවනැල්ල පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ ආරම්භ කර තිබෙයි.