සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රසම්පාදනය ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාව ට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ .

සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩසටහන යටතේ
රක්ෂණාවරණය සපයන ලද අලියාන්ස් ඉන්ෂුවරන්ස් ආයතනය සමඟ පවතින ගිවිසුම පසුගිය 2020 මැයි 31 දිනෙන් අවසන් වී තිබූ අතර මෙම රක්ෂණ වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන,
සුරක්ෂා සිසු රක්ෂණාවරණය සපයා ගැනීම සඳහා රජයට අයත් රක්ෂණ
සේවා සැපයුම්කරුවන් වෙතින් යෝජනා කැඳවා ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පමණක් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ කරන ලද සාකච්ඡා සම්මුතීන්ගෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි. සුරක්ෂා සිසු රක්ෂණාවරණය සපයාගැනීම සඳහා වන ප්‍රසම්පාදනය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙන ප්‍රදානය කිරීම පිණිස අධ්‍යපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව අද දින කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දන්වා තිබේ.