සෞඛ්යාරක්ෂිත මගී බස් සේවාවක් ක්රියාත්මක කිරීමට අදාළ වැඩපිළිවෙළක් ඉල්ලා පෞද්ගලික බස් රථ
සංගම් අධිකරණයේ පිහිට පැතීමට තීරණය කර ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ
සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
පොදු මගී ප්රවාහන කටයුතු ආරම්භ කිරීමට පියවර ගනු ලැබුවත් මගීන් බස් රථවල ගමන් කිරීමට අකැමැති
බවද විජේරත්න මහතා කීය.
මේ නිසා කොරෝනා වයිරසයෙන් ආරක්ෂිතව බස් රථ ධාවනයට වැඩපිළිවෙළක් සකසන ලෙස බස් සංගම් දිගින්
දිගටම රජයෙන් ඉල්ලීම් කළත් එවැනි වැඩපිළිවෙළක් සකසා නැතැයිද ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
මේ වනවිට මෙරට ඇති පෞද්ගලික බස් රථවලින් ධාවනය වන්නේ තුනෙන් එකක් පමණක් බවත් බස්නාහිර
පළාතේ බස් රථ 6,300කින් ධාවනය වන්නේ 1,500ක් පමණ ප්රමාණයක් බවත් ඒ මහතා කීය. සෙසු
ප්රදේශ ගත්තත් බස් රථ 20,000කින් ධාවනය වන්නේ 6,300ක් පමණ ප්රමාණයක් යැයිද ඒ මහතා කීය.
මෙලෙස දිගටම මෙම තත්ත්වය පැවැතුණහොත් බස් කර්මාන්තය ඉවරයක් වන බවද කීය. එනිසා අධිකරණයට
ගොස් යම්කිසි සෞඛ්යාරක්ෂිත ක්රමවේදයක් සකසා කර්මාන්තය රැකගන්නා බවද හෙතෙම කීය.
ශිරාන් රණසිංහ
0 Comments