මහියංගණය දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයන් දෙදෙනකු එම නීති කඩ
කරමින් ගම්මානයේ සැරි සරන බවට ලද තොරතුරක් මත දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ඒ පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථාවේදී එම
නිලධාරීන් හට බැනවැදී තර්ජනය කර ඇති බව වාර්තා වේ.
දෙහිඅත්තකණ්ඩිය හේනානිගල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු කොළඹ පිහිටි වැඩබිමක සේවය කරමින් සිට
නිවෙසට පැමිණ ඇති බවට ලද තොරතුරක් මත ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට
සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර ඇත. එලෙස නිරෝධායන කර තිබියදී මොවුන් දෙදෙනා නිවෙස් තුළින්
පිටතට විත් ගම්මානයේ විවිධ ස්ථානවල සැරිසරමින් පුද්ගලයන් සමඟ කතා බස් කරන බවට ගම්වැසියන්
මහජන සෞඛ්‍ය නිලධාරි කාර්යාලය වෙත දන්වා ඇත.
ඒ අනුව දෙහිඅත්තකණ්ඩිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි එච්.එම්.පී.යූ.එස්. අබේකෝන් මහතා තවත්
නිලධාරියකු සමඟින් සිද්ධිය පිළිබඳ සොයා බැලීමට නිවෙස්වලට ගිය අවස්ථාවේදී ඔවුන් නිවෙස්වල නොසිටි
බැවින් ඒ පිළිබඳව සොයා බැලීමේදී දියබෙදුම ප්‍රදේශයේ වෙළෙඳසලක් අසල තවත් දෙදෙනකු සමඟ
කතාබස් කරමින් සිටියදී හමු වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක අබේකෝන් මහතා පවසයි.
එම අවස්ථාවේදී මෙම පුද්ගලයන් දෙදෙනා බීමත්ව සිටි බවත් නිරෝධායනය කරන ලද එක් අයකු වයස
අවුරුදු එකහමාරක් පමණ වන පිරිමි දරුවකු වඩාගෙන දුම්පානය කරමින් සිටි බවත් ඒ පිළිබඳව අවවාද
කිරීමට යෑමේදී පරුෂ වචනයෙන් බැනවැදී තර්ජනය කරමින් තම රාජකාරියට බාධා කළ බවද මහජන
සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.
මේ පිළිබඳව දෙහිඅත්තකණ්ඩිය අධිකරණය වෙත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් කරුණු වාර්තා කිරීමෙන්
පසු එම පුද්ගලයන් දෙදෙනා දම්මින්න ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරවන
ලෙස මහෙස්ත්‍රාත් ඩබ්ලිව්.එම්. ඉරෝෂනි මධුෂිකා වාසල මහත්මිය කළ නියෝගයට අනුව කටයුතු කර අනෙක්
පුද්ගලයන් දෙදෙනා සහ කුඩා දරුවා ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනය කිරීමට කටයුතු කළ බවද ඒ මහතා
සඳහන් කළේය.
බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන
0 Comments