පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් ලබන වසරේදී ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන වසරේ ක්‍රීඩා කිරීමට පැමිණෙන විට සිය ඉන්දීය බිරිඳ වන සනියා මිර්සා ශ්‍රී ලංකාවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.

මින් ඉහත පාකිස්තාන සුපර් ලීග් (පීඑස්එල්) පවත්වන කාලයේ ෂොයිබ්ට සහය දැක්වීම සඳහා සනියා සහ පුත් ඉෂාන් මිර්සා මලික් ඉන්දියාවේ සිට පාකිස්තානයට ගිය අතර ඒ ගැන ඒ කාලයේ විවිධ පුවත් මැවිණි.

“ඔව්, ඔවුන් පාකිස්තානයට ආවා. සනියා එහි පැමිණ මගේ මව සහ පවුලේ අයද හමුවුණා. පසුව අපි ඩුබායි වෙත ගියා එහිදී අපි සති කිහිපයක් නැවතුණා. ”මලික් මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
“මගේ (අවුරුදු දෙකක) පුතාට ගුවන් ගමන් තාම දුෂ්කරයි ඔවුන් ලබන වසරේ මෙහි පැමිණෙනු ඇත.”

“ශ්‍රී ලංකාව මගේ හදවතේ රැඳුන රටක්. මම මේ රටේ ආගන්තුක සත්කාරය භුක්ති විඳිනවා. මට මේ රටේ ක්‍රිකට් මිතුරන් බොහෝ ඉන්නවා. මම මෙතන ඉන්න මිනිස්සුන්ට ආදරෙයි. කෑම රසවිඳින්න කැමතියි. ”
මලික් විස්තර කළේය.

ජනප්‍රිය ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකාවක සිටි සනියා මිර්සා පකිස්තානු ක්‍රීඩක ෂොයිබ් මලික් හා විවාහවීම පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් පුවතකි.