නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් උද්ගතව ඇති
බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මිගාර ඈපා මහතා පවසයි.
ඒ මහතා පවසන්නේ පසුගිය 7දා එසේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට උත්සාහ ගත් අවස්ථාවේදී එම
ජනතාවගේ විරෝධය ඇතිවූ බවය.
පසුව එහි මවුලානා කෙනකු සමඟ සාකච්ඡා කර එය සමථයකට පත් කර ගැනීමට ක්‍රියා මාර්ගයක් ගත්
බවද ඒ මහතා කීය.
යුනයිටඩ් මාවත, වාරණ පාර, දර්ගා මාවත, ගොඩැල්ල හා නිද්‍රා මාවත යන ප්‍රදේශවල
පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට අවධානය යොමුව ඇති බවත් ඒ සඳහා ඊයේ පොලිසියෙන්ද සහාය ලැබුණු බවද
ඒ මහතා කීය.
එසේ සහායක් නොදෙන්නේ නම් එම පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා
වැඩිදුරටත් පැවැසීය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය කළුතර අටුලුගම ප්‍රදේශයේ උද්ගතවූ
තත්ත්වයට සමාන තත්ත්වයක් බවයි.
කුමුදු උපුල් ශාන්ත
0 Comments