
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයකුට කොවිඩ් 19 ආසාදිත වී ඇති බව තහවුරු වීම නිසාවෙන් එම සේවකයා සම්බන්ධතා පැවැත් වූ වෙළඳසල් හතක් තාවකාලිකව වසා දමා එම පුද්ගලයා සංචාරය කළ
අදාළ ආසාදිතයා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය දින කිහිපයක් සේවය කර ඇති අතර දින දෙකකට පෙර සිදු කළ පී.සී.ආර්. පරික්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට අනාවරණය වී ඇති බව ද වෛද්‍ය ජගත් කුමාර මහතා පවසයි.
ඒ අනුව එම පුද්ගලයා සේවය කළ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සහල් වෙළෙඳසල් 07ක් තාවකාලිකව වසා දමා සහ අදාළ ආසාදිතයා ගැවසුනු මීගොඩ පුවක්වත්ත කන්දෙවත්ත සහ දික්හැතැප්ම ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාර තුනක සිටි පුද්ගලයන් සහ ආශ්‍රිතයන් 20 දෙනකු එම ස්ථාන තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂක කේ.එස්. මයුර තිස්ස මහතාට උපදෙස් ලබා දුන් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එලෙස නිරෝධායනයට ලක් කළ පිරිස අද (08) පී.සී.ආර්. පරික්ෂණයට ලක් කිරීමට නියමිතයි.
- කේ. බුද්ධික කුමාරසිරි -
Comments
Post a Comment
Your comment will be visible after approval