සබරගමු විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ බාහිර දේශකවරියකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පී.සී.ආර්. පරික්ෂණයකදී තහවුරු වී ඇතැයි ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පෙරේදා (16)  පැවැසීය.


ඇය සබරගමු විශ්වවිද්‍යාලයට පැමිණ ඉකුත් සෙනසුරාදා (12) විශ්වවිද්‍යාලයෙන් පිටව ගොස් ඇත. කැස්ස සහ උගුරේ ආබාධයක් හේතුවෙන් සිදු කළ පී.සී.ආර්. පරික්ෂණයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ඉඹුල්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්‍ෂක පී.ටී.සී. ප්‍රනාන්දු මහතා පැවසීය.
- නාලක ජේ. හෙට්ටිආරච්චි -