ස්වාසිලන්තයේ අග්‍රාමාත්‍ය ඇම්බ්‍රෝස් ද්ලමීනී කොවමිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මිය ගිය බව රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. අග්‍රාමාත්‍යවරයා කොවිඩ්19 ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ මීට සති 3කට පමණ පෙරය. මිය යන විට ඔහු 52 හැවිරිදි වියේ පසුවිය. ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා දකුණු අප්‍රිකාවේ රෝහලකට ඇතුළත් කළ බවත්, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අග්‍රාමාත්‍යවරයා මිය ගිය බවත් රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
කෙසේ නමුත් දින කිහිපයක් ගතවෙද්දී ද්ලමීනී හිටිහැටියේ රෝගී වී, එම රෝගී තත්වය උත්සන්න වූ බව ඔහු රැක බලා ගනිමින් සිටි වෛද්‍ය කණ්ඩායම පවසා තිබේ. අග්‍රාමාත්‍යවරයා වහාම දකුණු අප්‍රිකාවේ රෝහලක් වෙත රැගෙන යෑම සිදුවී ඇත්තේ ඉන් පසුව බව ද පැවැසෙයි. ද්ලමීනී අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2018 වසරේදීය. අතීතයේ ස්වාසිලන්තය යන නමින් හැඳින්වුවත් අද මෙම රට හැඳින්වෙන්නේ ඊස්වාතීනි රාජධානිය යන නමිනි. ඊස්වාතීනි අප්‍රිකාවට අයත් කුඩා රාජ්‍යයකි. ඊස්වාතීනි රාජ්‍යයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 6,700ක් වන අතර, මරණ වාර්තා වන්නේ 127ක් ලෙසිනි. ඊස්වාතීනි රාජ්‍යයේ ජනගහණය මිලියන 1.2කි.
0 Comments