හිටපු අමාත්‍යවරයෙකු වන ටී. බී. ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට ඒ මහතා 67වන වියේ පසුවිය.


රෝගාතුරව කුරුණෑගල සමූපකාර ආරෝග්‍ය ශාලාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (6) උදෑසන මරණයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ , පොදු පෙරමුණු සහ එක්සත් ජාතික ජනතා නිදහස් සන්ධාන රජයන්හී’ කැබිනට් අමාත්‍යවරයෙකු ,රාජ්‍ය අමාත්‍යවරයෙකු,යාපහුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක වශයෙන් එතුමා කටයුතු කර ඇත.