නිවෙසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී පලාගිය කොවිඩ් ආසාදිත තරුණයා ඊයේ (27දා) පෙරවරුවේ
මාකොළ උතුර ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවෙසේ සැඟවී සිටියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය
ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.


පැනගිය ආසාදිතයා සැඟව සිටි නිවෙසේ සියලු දෙනා නිරෝධායන ක්‍රියාවලියට යොමු කළ බවද ඔහු සමඟ
සබඳතා පැවැත්වූ පිරිස් සොයා ස්වයං නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය
ප්‍රකාශකවරයා සඳහන් කළේය.

විසි දෙහැවිරිදි මෙම තරුණයා බන්ධනාගාරයේ සිට නිදහස ලබා පැමිණි පුද්ගලයකු වන අතර ඔහු
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවද සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින අතරතුර
කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයකු බව හඳුනාගෙන ඇති බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.


ක්‍රිෂාන් පතිරත් ජයසූරිය, කැලණිය - කුසුම් එස්. හැන්නදි