මත්තල ගුවන් තොටුපළ, සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කිරීමේ දී එය ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට විශේෂ අවධානයක් යොමුකරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස එම ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමට අමතරව ගුවන් භාණ්ඩ ආනයන හා අපනයන කටයුතු සඳහා ද යොදා ගැනීමට මෙමගින් බලාපොරොත්තු වන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.
කෝවිඩ් 19 වසංගතය රට තුළ පැතිර යාමට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සක්‍රීය ගුවන්තොටුපළක් බවට පත්කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණු අතර රට යළිත් සංචාරකයන්ට විවෘත කිරීමත් සමඟ එම වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි ද අමාත්‍යවරයා පවසයි. ඒ අනුව කටුනායක හා මත්තල ගුවන්තොටුපළ දෙකම සංචාරකයන් සඳහා විවෘත කෙරෙනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම සඳහා ද පසුගිය කාලයේ මත්තල ගුවන් තොටුපළ භාවිත කළ අතර පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ මත්තල ගුවන් තොටුපළ තුළ සිදු වූ මගී මෙහෙයුම් සංඛ්‍යාව 15039 කි. එම කාලය තුළ ගුවන් යානා 396ක් මත්තලට පැමිණ ඇති අතර එම ගුවන් තොටුපළ මඟින් හැසිර වූ සමස්ථ ගුවන් භාණ්ඩ ප්‍රමාණය කිලෝග්‍රෑම් 83,654 ක් යැයි සංචාරක අමාත්‍යාංශ කියයි. නව ගුවන් සමාගම් මෙරටට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මත්තල ගුවන් තොටුපළ ගාස්තු නිදහස් කිරීමට ද රජය ඉකුත් දා කටයුතු කර තිබිණි.
- තිළිණිද සිල්වා -
0 Comments