අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත්කර ඇත.
පාර්ලිමේන්තු මහමැතිවරණයේදී අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් දෙසැම්බර් 08 දින ගෙන ඇත.
අදාල සාකච්ඡාවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හා අතුරලියේ රතන හිමියන් අතර විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත. එම සාකච්ඡාව සදහා එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතාද සහභාගී වී ඇත.
ඒ අනුව එහිදි ගනු ලැබුණු තීන්දුව අනුව මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර ඇති අතර දෙසැම්බර් 18 දින ඒ සදහා කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අනුමැතිය ලැබී ඇත.
0 Comments