තම බිරියට පහර දී ඝාතනය කළ ස්වාමියා එදිනම (07දා) ආරච්චිකට්ටුව අඩිප්පල ප්‍රදේශයේ
බුලත්කොටුවක පිහිටි පාළු නිවෙසකට රිංගා වස පානය කර වැටී සිටියදී ප්‍රතිකාර සඳහා හලාවත දිසා
රෝහලට ඇතුළත් කළ බව හලාවත පොලිසිය පවසයි.
මෙසේ වස පානය කිරීමෙන් බරපතළ ලෙස රෝගාතුරව හලාවත රෝහලට ඇතුළත් කර ඇත්තේ පල්ලම
මණ්ඩලාන පදිංචි සුමිත් ජයතුංග නමැති 42 හැවිරිදි තිදරු පියෙකි. ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල්
ආරංචි මාර්ග පවසයි.
මෙම පහර දීමෙන් ඝාතනය වී ඇත්තේ ප්‍රහාරකයාගේ බිරිය වන පල්ලම මණ්ඩලාන
සරෝජිනී නමැති 38 හැවිරිදි තිදරු මවකි. ඉකුත් (07දා) අලුයම පල්ලම මණ්ඩලාන ප්‍රදේශයේ මෙම අඹු
සැමි යුවළගේ බහින්බස් වීමකදී සැමියා බිරියට උදලු මිටකින් පහර දී පලා ගොස් ඇත.
පල්ලම පොලිසියට ලැබුණු දුරකථන ඇමැතුමකට අනුව වහාම එම ස්ථානයට ගිය පල්ලම පොලිසිය විසින් 1990
ගිලන් රථයක් ගෙන්වා බරපතළ තත්ත්වයේ වූ තුවාලකාරිය හලාවත රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරන
ලදී. අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටි තුවාලකාරිය රෝහලේදී මරණයට පත් වූ බව රෝහල් ආරංචි මාර්ග
පවසයි.
එදිනම 07දා ඝාතකයා අඩිප්පල මඩමකැලේ ප්‍රදේශයේ පලා කොරටුවක පාළු නිවෙසකට ඇතුළුව එහි තිබූ
වස බෝතලයක් පානය කොට එම ස්ථානයේම වැටී සිටියදී එම කොරටුව අයිතිකරු දැක මේ පිළිබඳව හලාවත
පොලිසියට දැන්වීමෙන් අනතුරුව හලාවත පොලිසිය විසින් මෙම පුද්ගලයාව හලාවත රෝහලට ඇතුළත් කර ඇත.
ඝාතනයට පත් වූ මරණකාරියගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පෙරේදා දිනයේදී (07දා) සිදු නොවූ අතර
ඊයේ (08දා) සිදු කිරීමට නියමිතව තිබූ බව පොලිසිය පවසයි. හලාවත පොලිසියේ උපදෙස් මත මූලස්ථාන
ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක ආදාසූරිය,
පොලිස් සැරයන් රංජිත් (29727), අබේසිංහ (32087), සුසන්ත (53275), රූපසිංහ (41420),
ජනකීර්ති (46465), පොලිස් කොස්තාපල් දේශප්‍රිය යන පොලිස් නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ
පවත්වයි.
වීහේණ අනුරාධ
0 Comments