
සිවුරු පොරවාගත් පුද්ගලයකු සමඟ එක්වී ව්‍යාජ අන්දමින් සැකසූ මැණික් ගලක් රුපියල් ලක්ෂ 12 කට විකුණා වංචා කීරීම් සිද්ධියක් සම්බන්ධයෙන් හමුදාවේ තුර්ය වාදන ඒකකයක සේවය කළ සෙබළකු සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිගම පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික හමුදා සෙබළකු වන පැමිණිලිකරු සැකකරු වන හිටපු තූරිය වාදක සෙබළා
මැණික් ගල මිලදී ගත් විශ්‍රාමික සෙබළා එය විකිණීමට ගිය අවස්ථාවේදී එය ව්‍යාජ එකක් බව හෙළිවීමෙන් පසු මීරිගම පොලිසියට කළ පැමිණිල්ල විභාග කළ මීරිගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක එම්.පී. විමලරත්න මහතා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලත් තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ කලක් පැවිදිව සිට උපැවිදි බවට පත්වූවන් පුද්ගලයකුගෙන් මෙම ව්‍යාජ මැණික් ගල මිලදී ගත් බවයි. එසේ උපැවිදි වූ අය පැවිදි වෙස් ගෙන මෙම වංචාවට එක්ව ඇති බවද පොලිසිය කළ මූලික පරික්ෂණයේදී හෙළිකර ගැනීමට හැකිවී ඇත.
මෙම ගනුදෙනුවෙන් පසු සැකකාර හිටපු තූර්ය වාදන සෙබළාගේ කොටස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් ලැබී ඇතැයිද පොලිසිය පැවැසීය. සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය දැනුවත්කර පැමිණිලිකරු එම පොලිසියට යොමු කිරිමට පියවර ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය කියයි.
-පුෂ්පකුමාර මල්ලවාරච්චි-
Comments
Post a Comment
Your comment will be visible after approval