ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙලේ ප‍්‍රධාන චරිතයක් ලෙස හඳුනාගෙන සිටි න්‍යෂ්ටික විද්‍යාඥ මොහ්සෙන් ෆක්රිසාදෙන් ඝාතනය සඳහා වන්ද්‍රිකාවක් මගින් පාලනය කෙරුණු ස්වයංක්‍රීය ගිනිඅවියක් යොදාගෙන ඇතැයි එරට රජයේ මාධ්‍ය පවසයි. ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළඇණියේ නියෝජ්‍ය අණදෙන නිලධාරී රියර් අද්මිරාල් අලි ෆදාවි උපුටා දක්වමින් එම මාධ්‍ය මේ කරුණු සඳහන් කරයි.
"මොහ්සෙන් ඝාතනය සඳහා යොදාගැණුනු ගිනිඅවිය අන්තර්ජාලය හරහා පාලනය කෙරුණු කෘත්‍රිම බුද්ධියක් සහිත ස්වයංක්‍රීය ගිනි අවියක්."
ඉරාන ආරක්ෂක අංශ තොරතුරුවලට අනුව මෙම ගමනේදී ඔහුගේ ආරක්ෂාව සඳහා ඉරාන ආරක්ෂක අංශ සාමාජිකයන් 11 දෙනෙකුද රැඳී සිට ඇත. මෙම ප්‍රහාරයේදී දුරදක්නයක් සවිකර ඇති මෙම ස්වයංක්‍රීය අවිය සීරුමාරු කර මොහ්සෙන්ගේ මුහුණට ඉලක්ක කර ගනිමින් උණ්ඩ 13ක් නිකුත් කර ඇතැයි රියර් අද්මිරාල් අලි ෆදාවි පවසා තිබේ.
"මේ ගිනිඅවිය රඳවලා තිබුණේ පික්අප් රථයක. එය කෙලින්ම එල්ල වෙලා තිබුණෙම මුහුණටයි. ඔහුට සෙන්ටිමීටර් 25ක් එහායින් සිටි ඔහුගේ බිරිඳට කිසිම උණ්ඩයක් වැදිලා නැහැ, ආරක්ෂකයන් අතරින් මොහ්සෙන්ගේ ප‍්‍රධාන ආරක්ෂකයා ඔහු ආරක්ෂා කිරීමට ඔහුගේ මුහුණ ඉදිරියට යාමත් සමග වෙඩි උණ්ඩ හතරකට ලක්ව තිබෙනවා. මේ සිදුවීම අවස්ථාවේදී කිසිම ත්‍රස්තවාදියෙකු එම ස්ථානයේ සිටියේ නැහැ." ෆදාවි වැඩිදුරටත් පවසා ඇත.
0 Comments